Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th August 2023 20:24:17 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලෙස්නාවේ නව සේනාවිධායක රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලෙස්නාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පසුගිය සිකුරාදා (අගෝස්තු මස 17) දින කොස්ගම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායානුකූලව සහ ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.

මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලෙස්නාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී, ශ්‍රී ලංකා රයිෆල් බළකායේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පුරෝගාමී බළකායේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, සම්බන්ධීකරණ නිලධාරී සහ ස්වේච්ඡා බලසේනා මූලස්ථාන බලඇණියේ අණදෙන නිළධාරී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

උත්සවයේ වැඩකටයුතු ආරම්භකරමින් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තබමින් මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ධූරයේ රාජකාරි කටයුතු භාරගැනීම සිදු කරනු ලැබීය.

නව සේනාවිධායකතුමන් ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් එම කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වූවේය. අනතුරුව උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලෙස්නාවේ භටපිරිස් ආමන්ත්‍රණය කළේය.

මීට ප්‍රථම මෙම ධූරය හෙබවූ මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන්. මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විශ්‍රාම යෑමෙන් අනතුරුව මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී මෙම ධූරය සඳහා පත්කෙරිණි.

මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට පෙර ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ලෙස කටයුතු කරනු ලැබීය.