18th August 2023 20:23:50 Hours
එක්සත් ජනපද යුද්ධ හමුදාවේ ‘8th Theater Sustainment Command’ හි දූත පිරිසක්, පසුගිය බදාදා (අගෝස්තු මස 16) දින යුද්ධ හමුදාධිපතිතුමන් හමුවූ අතර, අනතුරුව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේදී යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ හමුවිය.
නිල සාකච්ඡා අතරතුර, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී විසින් පැමිණ සිටි දූත පිරිස සමඟ එක්ව මෙරට බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට අදාළව ඇති ගැටළු පිළිබඳව සාකච්ඡා කරන ලදී.
සාකච්ඡාව අවසානයේ දී, මාණ්ඩලික ප්‍රධානී සහ මේජර් ජෙනරල් ජෙරාඩ් හෙල්විග්ගේ (Major General Jerad Helwig) නායකත්වයෙන් යුත් එක්සත් ජනපද හමුදාවේ ‘8th Theater Sustainment Command’ හි නියෝජිත පිරිසක් වන 130 ඉංජිනේරු බලසේනාධිපති කර්නල් මැක්(ගු)නෙගල් (Colonel McGunegle) , කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරි ලුතිනන් කර්නල් ඇන්තනි නෙල්සන් (Lieutenant Colonel Anthony Nelson ) , විධායක නිලධාරී මේජර් තෙරේසා ක්‍රිස්ටි (Major Theresa Christie) අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.
සාකච්ඡාව සඳහා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් සහ යුද්ධ හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ද එක් වූහ.