Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th August 2023 19:02:41 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹීමට නියමිත ඉංජිනේරු සේවා බළකායේ කර්නල් සේනාවිධායක, ඉංජිනේරු සේවා බළකායේ නිල සංචාරයක

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹීමට නියමිත ඉංජිනේරු සේවා බළකායේ කර්නල් සේනාවිධායක සහ ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කේ.එම්.එස් කුමාර පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 10) දින කඹුරුපිටිය, 12(ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා බළකායේ නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් කේ.එම්.එස් කුමාර වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූළ කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් පසුව එම ඒකකයේ අණදෙන නිලධාරී මේජර් කේ.ඩබ්ලිව්.ජී.යූ.එම් ගුණතිලක එල්එස්සී විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

එතුමන් 12(ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා බළකායේ අණදෙන නිලධාරීතුමන්ගේ ආරාධනයෙන් කඳවුරු පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකරන ලද දෙමහල් කාර්යාල සංකීර්ණය විවෘත කර එහි නිරීක්‍ෂණ චාරිකාවකද නිරත විය.

සංචාරය අතරතුරදී එතුමන් භටපිරිස් ඇමතූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. උත්සව අවස්ථාවට ඉංජිනේරු සේවා බළකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් කිහිප දෙනෙකු සහභාගී විය.