17th August 2023 20:25:08 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත 4 ශ්‍රී ලංකා සංඥා බලකාය විසින් සංවිධානය කරනු ලැබු ශ්‍රී ලංකා සංඥා බලකා - 2023 අන්තර් ඒකක ක්‍රිකට් තරඟාවලිය එම ඒකක ක්‍රීඩාංගනයේදී පසුගියදා පවත්වනු ලැබීය.
ශ්‍රී ලංකා සංඥා බළකායේ දක්ෂතා ඇති සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩකයින් හඳුනාගෙන ඉදිරියේදී රෙජිමේන්තු මට්ටමේ තරඟාවලි සඳහා සහභාගී කරවීමේ අරමුණින් මෙම තරඟාවලිය සංවිධානය කරන ලදී. මූලික වටයේ තරඟ 2023 ජූලි මස 20 වන දින සිට ජූලි මස 23 දින දක්වා පැවති අතර, තරඟාවලියේ අවසන් තරඟය 2023 අගෝස්තු මස 09 දින පවත්වන ලදී.
9 ශ්‍රී ලංකා සංඥා බලකා ක්‍රිකට් කණ්ඩායම සහ 1 ශ්‍රී ලංකා සංඥා බලකාය අතර පැවති අවසන් තරඟයේදී 9 ශ්‍රී ලංකා සංඥා බලකා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 33කින් ශූරතාවය දිනාගැනීමට සමත් විය. 9 ශ්‍රී ලංකා සංඥා බලකා ක්‍රිකට් කණ්ඩායමේ කෝප්රල් එම්.ආර්.එන් ද සොයිසා තරඟාවලියේ වීරයා බවට පත් වූ අතර, එම කණ්ඩායමේ ලාන්ස් කෝප්රල් එල්.එම්.පී.වයි ප්‍රේමලාල් අවසන් මහා තරඟයේ දක්ෂතම පිතිකරු සහ තරඟයේ වීරයාට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් විය.
9 ශ්‍රී ලංකා සංඥා බලකා ක්‍රිකට් කණ්ඩායමේ කෝප්රල් එස්.පී.එස් උදය කුමාර තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා බවට පත්විය. 4 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්.ඩී.ආර්.එම් ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ ආරාධනයකට අනුව අවසන් මහා තරඟාවලිය නැරඹීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස් රත්නායක එන්ඩීයූ සහභාගී විය.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සංඥා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සියලුම මාණ්ඩලික නිලධාරීන්, සෙසු නිලයන් සහ ඒකකයන් නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩකයින් එක්ව සිටියහ.