Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th August 2023 17:59:14 Hours

18 විජයබාහු පාබල රෙජිමේන්තුව අඩු ආදායම්ලාභී පවුල් අතර පලතුරු පැළ බෙදා දෙයි

18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් කල්මුණේ ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභී පවුල්වල්වල දෛනික ආදායම ඉහල නැංවීමේ අරමුණින් අඹ, තැඹිලි, දෙළුම් සහ රෝස ඇපල් පැළ සියයකට අධික ප්‍රමාණයක් ඉකුත් සෙනසුරාදා දින (අගෝස්තු 12) එම ඒකකය පරිශ්‍රයේදී ඔවුන් වෙත දින බෙදා දෙන ලදී.

මෙම වැඩසටහනේදී සිවිල් වැසියන් 50කට අධික පිරිසක් අතර පැළ බෙදාදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා 18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.