Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th August 2023 18:00:38 Hours

මුලතිව්, භාරතී විද්‍යාලයේ පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියට 6 ගැමුණු හේවා බලකායේ සහයෝගය

භාරතී ක්‍රීඩා සමාජය සහ රෙඩ් බාර්නා ක්‍රීඩා ප්‍රිමියර් ලීග් ආයතනය අතර, සුහඳ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් පසුගිය ඉරිදා දින (අගෝස්තු මස 13) මුලතිව්, භාරතී විද්‍යාලයේ ක්‍රීඩා පිටියේදී පැවැත්වූ අතර, ඒ සඳහා 6 ගැමුණු හේවා බලකා භටපිරිස් සිය සහයෝගය ලබාදුන්හ.

68 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් සහ 681 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්ෂණය යටතේ පැවැති මෙම තරඟාවලිය සාර්ථක කර ගැනීම සඳහා 6 ගැමුණු හේවා බලකාය විසින් අවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙමින් භටපිරිස්හි සහයෝගයද ලබා දුන්හ.