Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th August 2023 00:09:10 Hours

ඉරාන ඉස්ලාමීය ජනරජයේ මෙරට තානාපති කාර්යාලයේ හමුදා නියෝජිත යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ඉරාන ඉස්ලාමීය ජනරජයේ කොළඹ තානාපති කාර්යාලයේ හමුදා නියෝජිත කර්නල් හොමවුන් අලි යාරි (Colonel Homaoun Ali Yari) අඟහරුවාදා (අගෝස්තු මස 15) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

සුහද හමුවේදී, ද්විපාර්ශ්විකව වැදගත්වන ආරක්‍ෂක කටයුතු යනාදී කරුණු පිළිබඳ අවධානය යොමුකරමින් අදහස් හුවමාරු කර ගත්හ.

සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් සහ කර්නල් හොමවුන් අලි යාරි අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.