Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th August 2023 18:06:19 Hours

233 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් තිලකාවතියාර් ළමා නිවාසයේ ළමුන් වෙනුවෙන් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරයි

23 පාබල සේනාංකයේ මඟපෙන්වීම යටතේ 233 පාබල බලසේනාවේ භටපිරිස් විසින් කදිරවේලි, තිලකාවතියාර් ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් 2023 අගෝස්තු මස 01 දින සල්ලතිව් වෙරළ තීරයේදී විනෝදාස්වාද වැඩසටහන් සහ විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වීය.

පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත 233 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.කේ.සී.එස්. ද සිල්වා ආර්එස්පී මෙම ප්‍රජා මූලික ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේය.

ළමුන්ගේ මානසික ආතතිය තුරන් කරමින් ඔවුන් විනෝදාස්වාදයට පත්කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහනේදී ළමුන් 29 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ එම ළමා නිවාසයේ කාර්ය මණ්ඩලය වෙත ඇඳුම් පැළඳුම් ද පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාව සඳහා 233 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.කේ.සී.එස්. ද සිල්වා ආර්එස්පී, 233 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, පරිත්‍යාගශීලීන් සහ භටපිරිස් ද සහභාගි වූහ.