11th August 2023 20:15:50 Hours
මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය වෙතින් 2023 අගෝස්තු මස 09 දින යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ‘සාර්ථක ජීවිතයක් සඳහා නිවැරදි මූල්‍ය කළමණාකරනය’ තේමාව ඔස්සේ පූර්ණ දින දේශනයක් පැවැත්වීය.
යුද්ධ හමුදාවේ සේවයේ නියුතු සාමාජිකයින් මුහුණ දෙන වත්මන් මූල්‍යමය ගැටලු හමුවේ ජීවත් වියයුතු ආකාරය සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් මූල්‍ය කළමනාකරණය පිළිබඳ කීර්තිමත් කථිකාචාර්ය අමින්ත ද සිල්වා මහතා විසින් මෙම වැඩමුළුව පවත්වන ලදී.
මෙම එක්දින වැඩමුළුව සඳහා යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් 42 දෙනෙක් සහ සෙසුනිලයන් 153 දෙනෙකු සහභාගී වූ අතර ආරක්ෂක සේනා මූලස්ථාන, පාබල සේනාංක, බලසේනා, රෙජිමේන්තු මධ්‍යස්ථාන, බලඇණි සහ පුහුණු පාසල් නියෝජනය කරමින් නිලධාරීන් 487 දෙනෙක් සහ සෙසුනිලයන් 8675 දෙනෙකු මාර්ගගත තාක්ෂණය ඔස්සේ මෙම වැඩමුළුව සඳහා සහභාගී වූහ.
මෙම වැඩමුළුව සඳහා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.ජේ.කේ. ජයසේකර සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ බ්‍රිගේඩියර් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ද සහභාගී වූහ.