Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th August 2023 21:23:42 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් මහනුවර යුද්ධ හමුදා මූලික රෝහලේ සංචාරයක

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයට ගෞරවයක් ලෙස, පෙරහැර විදී සංචාරය කරන මාර්ග ආලෝකමත් කිරීම සඳහා ශ්‍රී දළදා මාලිගාව වෙත යුද්ධ හමුදාව වෙතින් වාර්ෂිකව සිදුකරනු ලබන කොප්පරා පූජාව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා (11) දින පැවැත්විණි. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් අභිනවයෙන් ස්ථාපිත කරනු ලැබූ පල්ලෙකැලේ යුද්ධ හමුදා රෝහලේ ක්‍රියාකාරී අංශයන්හි යාවත්කාලීනයන් ලබාගැනීමේ අරමුණින් එම රෝහල් පරිශ්‍රයේ සංචාරයක නිරතවිය.

සංචාරයේ නිරත යුද්ධ හමුදාධිපතිතුමන් කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.ඩබ්ලිව්.ඩබ්ලිව්.බී.ආර්. පාලමකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් රෝහල් පරිශ්‍රයේ සංචාරයක නිරතවිය. අනතුරුව, රෝහල් සම්මන්ත්‍රණ ශාලාවේදී කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂතුමන් සමඟ සාකච්ඡාවක නිරත වූ යුද්ධ හමුදාධිපතිතුමන් රෝහලේ ක්‍රියාකාරී අංශයන්හි ප්‍රගතිය පිළිබඳ යාවත්කාලීනයන් ලබාගත්තේය. එහිදී, රෝහල් කටයුතු නිසි ආකාරයෙන් නඩත්තු කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

රෝහල තුළ සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බාහිර රෝගී අංශය නිරීක්‍ෂණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් රාජකාරීන්හි නියුතු වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහ සුළු සේවක කාර්ය මණ්ඩලය සමඟ සුහද අදහස් හුවමාරුවක ද නිරතවිය.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී. ජයවර්ධන ආර්එස්පී යූඑස්පි එන්ඩීයු, යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩීයු පීඑස්සී, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී, යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් පී.ඒ.සී. ප්‍රනාන්දු යූඑස්පී ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ.