09th August 2023 18:33:29 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වි යූඑස්පී පීඑස්සී එන්ඩීයූ සහ 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයට අයත් 521 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් පසුගිය ඉරිදා (අගෝස්තු මස 06) දින අක්කාරෙයි වෙරළ තීරය පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම ව්‍යාපෘතිය අතරතුර, යුද්ධ හමුදා භටපිරිස් විසින් වෙරළ තීරය පුරාවට තිබූ කසළ සහ අනෙකුත් දූෂක ද්‍රව්‍ය ඉවත්කර එම වෙරළ තීරය පිරිසිදු කරනු ලැබූහ. මෙම වැඩසටහන 521 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කෙරිණි.