09th August 2023 18:13:32 Hours
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය වෙතින් සංවිධානය කරනු ලබන 47 වන ජාතික ක්‍රීඩා උළෙලේ කායවර්ධන ඉසව්ව, දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් කණ්ඩායම් 09කට අධික සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් පසුගිය සෙනසුරාදා (අගෝස්තු මස 05) දින ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් (Duncan White) ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
මෙම තරඟාවලියේදී, යුද්ධ හමුදා කායවර්ධන ක්‍රීඩකයින් රන් පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගැනීමට සමත්විය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ජී.කේ. මැගිනආරච්චි දක්‍ෂතම කායවර්ධන ශූරයාට හිමි කුසලානය දිනාගත්තේය.
ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර සහ යුද්ධ හමුදා කායවර්ධන, බරඉසිලීම් හා සවිඑසවිමේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එම්.ඩබ්ලිව්.ටී.සී. මෙත්තානන්ද යූඑස්පී එන්ඩීසී ගේ මගපෙන්වීම යටතේ මෙම තරඟාවලිය සඳහා යුද්ධ හමුදා ක්‍රීඩකයින් 07 දෙනෙකු සහභාගී වූහ.
තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ යුද්ධ හමුදා ක්‍රීඩකයින් පහතින් දැක්වේ:
හොඳම කායවර්ධන ශූරයා - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ජී.කේ. මැගිනආරච්චි
රන් පදක්කම (කිලෝග්‍රෑම් 80 ට වැඩි) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් ජී.කේ. මැගිනආරච්චි
රන් පදක්කම (කිලෝග්‍රෑම් 65 ට වැඩි) - ශ්‍රී ලංකා සංඥා බලකායේ කෝප්‍රල් කේ.කේ.ටී. තිලකරත්න
ලෝකඩ පදක්කම (කිලෝග්‍රෑම් 75 ට වැඩි) - ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් ඩබ්ලිව්.එම්.සී. අජිත් කුමාර
ලෝකඩ පදක්කම (කිලෝග්‍රෑම් 90 ට වැඩි) - ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ මාණ්ඩලික සැරයන් ජී.ඩබ්ලිව්.එස්.එස්. කුමාර