08th August 2023 22:12:19 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 611 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 ගැමුණු හේවා බලකායේ භටපිරිස් රත්නපුර, මුද්දුව නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි කනදොල කුණු කන්දේ පසුගිය ඉරිදා (අගෝස්තු මස 6) දින මධ්‍යම රාත්‍රියේ ඇති වූ ගින්නක් කඩිනමින් මැඩපැවැත්වූහ.
රත්නපුර නාගරික කොමසාරිස් සහ රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ විසින් ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව 8 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරිතුමන් ප්රමුඛ නිලධාරින් තිදෙනෙකු සහ සෙසුනිලයන් 50 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය සඳුදා (අගෝස්තු මස 7) දින අලුයම එම ස්ථානය වෙත ගොස් පැතිරෙමින් පැවති ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.
රත්නපුර මහ නගර සභාවේ සාමාජිකයින් සහ රත්නපුර ගිනි නිවන ඒකකයේ සාමාජිකයන් සමඟ එක්ව යුද්ධ හමුදා භටපිරිස් කෙටි කාලසීමාවක් තුළ ගින්න නිවාදමමින් තවදුරටත් එම ගින්න පැතිරීමෙන් සිදුවීමට තිබූ විශාල හානිය වැළැක්වූහ. මෙම මෙහෙයුම 611 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් ගේ සමීප අධීක්ෂණය යටතේ සිදුකෙරිණි.