Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th August 2023 21:27:41 Hours

අම්පාර සටන් පුහුණු පාසලේ පැවති ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 67’ සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසල මඟින් පැවැත්වූ ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 67’ හි සහතිකපත් ප්‍රදානෝත්සවය අගෝස්තු මස 05 දින පැවැත්වූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.එන්.ආර්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී විය.

සෙබළුන්ගේ උපදේශක හැකියාවන් වැඩිදියුණු කිරීමේ අරමුණින් මසක පමණ කාලයක් පුරා පැවති මෙම පාඨමාලාව හැදෑරීම සඳහා කොමිෂන් නොලත් නිලධාරීන් 166 දෙනෙකු සහභාගී වූහ. පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා ලෙස 7 ශ්‍රී ලංකා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.ටී. අනුෂිකා සම්මාන ලැබීය.

ත්‍යාග ප්‍රදානෝත්සවයට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.