05th August 2023 22:26:42 Hours
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු රගර් ශූරතා තරඟාවලිය - 2023, අවසන් තරඟය පසුගිය සිකුරාදා (අගෝස්තු මස 04) දින පනාගොඩ යුද්ධ හමුදා රගර් ක්‍රීඩාංගනයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවති අතර, එය නැරඹීම වෙනුවෙන් රගර් ක්‍රීඩාලෝලීන්, යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් සහභාගී වූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය. අන්තර් රෙජිමේන්තු රගර් ශූරතා තරගාවලිය (කාන්තා) -2023 අවසන් මහා තරඟයද එදින පනාගොඩ යුද්ධ හමුදා රගර් ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
එම අවස්ථාව සඳහා සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා රගර් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ යුද්ධ හමුදා ක්‍රීඩා අධ්යක්ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම තරඟාවලියේ පිරිමි අංශයේ අවසන් තරඟය ශ්‍රී ලංකා සංඥා බලකා රගර් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රගර් කණ්ඩායම අතර පැවති අතර, ලකුණු 19 - 17 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා සංඥා බලකා රගර් කණ්ඩායම ශූරතාවය හිමිකර ගත්හ.
කාන්තා කාණ්ඩය යටතේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ලකුණු 17 – 05ක් වශයෙන් ලබා ගනිමින් ශූරතාව හිමිකර ගත් අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ක්‍රීඩිකාවන් එහි අනුශූරතාවය හිමිකර ගත්හ.
අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා රගර් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සීගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා රගර් කමිටුව ලබාදුන් උපදේශයන්ට අනුව යුද්ධ හමුදාවේ රෙජිමේන්තු දහසයක පිරිමි රගර් කණ්ඩායම් සහ රෙජිමේන්තු පහක කාන්තා රගර් කණ්ඩායම්වල සහභාගීත්වයෙන් අන්තර් රෙජිමේන්තු රග්බි තරඟාවලිය 2023 ජුනි මස 09 වන දින ආරම්භ විය.
උණුසුම් තරඟයකින් පසුව ජයග්‍රාහී සංඥා බලකා සහ පොදු සේවා බලකා කණ්ඩායම් සඳහා අත්පොලසන් හඬ මධ්‍යයේ ශූරතා කුසලානයන් පිරිනැමීම යුද්ධ හමුදාධිපතිතුමන් අතින් සිදුවිය. අනුශූරයන් සඳහා ත්‍යාග සහ සහතිකපත් බෙදාදීම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සිදුකරන ලදී.
රගර් තරගාවලියේදී දක්ෂතම පිරිමි රගර් ක්‍රීඩකයා වශයෙන් ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්රල් ඩී.ජී.සී.එල් ජයවික්‍රම සහ දක්ෂතම කාන්තා රගර් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කාන්තා සෙබල කේ.ඒ.එන් කහඳව සම්මානයෙන් පිදුම් ලැබීය.
පසුගියදා තායිලන්තයේ පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය - 2023, පැරිසියේ පැවති පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය - 2023 සහ ඉන්දියාවේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ජ්‍යෙෂ්ඨ, කනිෂ්ඨ සහ යොවුන් ක්‍රීඩා ශූරතාවලිය - 2023 තරගාවලියේදී දස්කම් දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගැන්වීම සඳහා මූල්‍යමය ත්‍යාග ප්රදානය කිරීමද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදුවිය. මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජයග්‍රාහී කණ්ඩායම් සහ එම කණ්ඩායම් වල ක්‍රීඩික ක්‍රීඩිකාවන් සමූහ ඡායාරූප සඳහාද පෙනීසිටියහ.
වැඩසටහන අවසානයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා රගර් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් ස්තුති කථාව සිදුකරන ලදී.
යුද්ධ හමුදා සාමාජිකයින් අතර රගර් ක්‍රීඩාවට ඇති ජනප්‍රියතාවය නිසා යුද්ධ හමුදා ක්‍රීඩා දින දර්ශනයේද විශේෂ ස්ථානයක් රගර් ක්‍රීඩාව හිමිකරගෙන ඇති අතර, එමගින් යුද්ධ හමුදාව ඉමහත් කීර්තියක් අත්පත් කරගෙන ඇත. තවද, රට පුරා සිටින විවිධ රගර් ක්‍රීඩා සමාජයන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කරමින් සේවා සහ ජාතික මට්ටමින් තරඟ රැසක් වාර්තාගත ලෙස ජයග්‍රහණය කිරීමට හැකි දක්ෂ රගර් ක්‍රීඩකයින් රැසක් යුද්ධ හමුදාව තුලින් බිහිවී ඇත.
රගර් තරඟාවලියේ අවසන් තරඟ නැරඹීම සඳහා ආරක්ෂ සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, එන්ඩීයූ සහ යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක මූලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිළධාරීන් ඇතුළු සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගී වූහ.
අන්තර් රෙජිමේන්තු රගර් ශූරතා තරඟාවලිය-2023 හි ජයග්රහණයන් පහත පරිදි වේ.
පිරිමි අංශයේ ශූරතාවය - ශ්‍රී ලංකා සංඥා බලකා කණ්ඩායම
පිරිමි අංශයේ අනු ශූරතාවය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායම
පිරිමි අංශයේ දෙවන අනු ශූරතාවය - ගජබා රෙජිමේන්තු කණ්ඩායම
කාන්තා අංශයේ ශූරතාවය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායම
කාන්තා අංශයේ අනු ශූරතාවය - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායම
කාන්තා අංශයේ දෙවන අනු ශූරතාවය - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා කණ්ඩායම
දක්ෂතම පිරිමි රගර් ක්‍රීඩකයා - ශ්‍රී ලංකා සංඥා බලකායේ ලාන්ස් කෝප්රල් ඩී.ජී.සී.එල් ජයවික්‍රම
දක්ෂතම කාන්තා රගර් ක්‍රීඩිකාව - ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කාන්තා සෙබල කේ.ඒ.එන් කහඳව