05th August 2023 06:31:34 Hours
පුහුණු දිනය වෙනුවෙන් දේශන, ක්‍රීඩා වැඩසටහන් ආදිය ඇතුළත් වූ අතර, ඉන් අනතුරුව නිලධාරී නිවස්නයේදී ‘ඩයිනර්ස් ක්ලබ්’ වැඩසටහනක්ද පැවැත්වීය. එම වැඩසටහන සඳහා ආරාධිත දේශකයන් ලෙස මහාචාර්ය රාජ් සෝමදේව සහ ආචාර්ය සනත් ද සිල්වා යන මහත්වරුන් සහභාගි වූහ. එහිදී එම දේශකයන් විසින් ‘Emerging Strategic Competition in the Indian Ocean’ සහ ‘History of the Sri Lankan Heritage’යන මාතෘකාවන් හරවත් දේශනයන් පවත්වන ලදී.
‘ඩයිනර්ස් ක්ලබ්’ වැඩසටහන අවසානයේදී පැමිණ සිටි ආරාධිත දේශකයින් සඳහා යුද්ධ හමුදා උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.ආර්.ආර්.පී ජයවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස් තිබ්බොටුගේ එක්ව සමරු තිළිණයන් ප්රදානය කරන ලදී. පුහුණු වැඩසටහන සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.