05th August 2023 06:17:41 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ රාජකාරියෙහි නියුතු යුද්ධ හමුදා නිලධාරීන් 02 දෙනෙකු ඇතුළු 30 කට අධික භටපිරිසක් පසුගිය සිකුරාදා (අගෝස්තු මස 04) දින පස්වරුවේ යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චියේ, ඉංජිනේරු පීඨයේ ඇතිවූ ගින්නක් පාලනය කිරීමට කටයුතු කරන ලදී.
ගින්න පැතිරීම පිළිබඳව දැනුම් දීමෙන් පසු, 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ලබාදුන් උපදෙස් මත 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත සිදුවීමට තිබූ විශාල හානියක් වලකාලමින් අවශ්‍ය කටයුතු සිදුකරනු ලැබීය.
කිලිනොච්චිය මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ සාමාජිකයින්ගේ සහය ඇතිව ජල බවුසර් සහ ගිනි නිවන උපකරණද යොදා ගනිමින් භට පිරිස් විසින් ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට සමත් වූහ. විශ්ව විද්‍යාල බලධාරීන් යුද්ධ හමුදා භටපිරිස් විසින් කාලෝචිත ගනු ලැබූ ක්‍රියාමාර්ග සහ ගොඩනැගිලිවලට වන හානිය වැළැක්වීමට ගත් උත්සාහයන් අගය කළහ. 573 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සහ 9 විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මෙම මෙහෙයුම සමීපව අධීක්‍ෂණය කරන ලදී.