01st August 2023 18:46:56 Hours
68 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත එම සේනාංකයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් අතර ක්‍රීඩාශීලිත්වය, මිත්‍රත්වය, අනෝන්‍ය අවබෝධය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද අන්තර් බලඇණි අභියෝගතා කුසලාන වෙරළ වොලිබෝල් තරඟාවලිය පසුගිය සෙනසුරාදා (ජූලි මස 29) දින මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී පැවැත්වීය.
තරගාවලිය සඳහා 68 පාබල සේනාංකය, 681 පාබල බලසේනාව, 682 පාබල බලසේනාව, 6 ගැමුණු හේවා බලකාය, 3 (සෙව්ච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුව, 9 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව සහ 9 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව යන කණ්ඩායම් තරග කළහ.
තියුණු තරගයකින් පසුව 9 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළු කණ්ඩායම ශූරතාවය දිනාගත් අතර 3 (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තු කණ්ඩායම අනු ශූරතාව හිමිකර ගත්හ. ත්‍යාග ප්‍රධානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.