Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th July 2023 21:21:56 Hours

අම්පාර සටන් පුහුණු පාසලේ පැවති ‘කණිෂ්ඨ නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලාව අංක - 50’ සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසල වෙතින් පවත්වන ලද ‘කණිෂ්ඨ නායකත්ව හා ප්‍රගමන ප්‍රවර්ධන පාඨමාලා අංක - 50’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය එම පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් පසුගිය සිකුරාදා (ජූලි මස 28) දින අම්පාර සටන් පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.

යුද්ධ හමුදාවේ රෙජිමේන්තු කිහිපයක් නියෝජනය කරමින් කොමිෂන් නොලත් නිලධාරීන් 95 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගී වූ අතර, පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය කෝප්‍රල් එන්.එම්.එන් නිකලන්සූරිය විසින් හිමිකර ගන්නා ලදී .

උත්සව අවස්ථාවට අම්පාර සටන් පුහුණු පාසලෙහි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.