Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th July 2023 21:28:06 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ක්‍රීඩකයන් වෙනුවෙන් ‘ක්‍රීඩා මනෝවිද්‍යාව’ පිළිබඳ වැඩමුළුවක්

යුද්ධ හමුදාවේ සියලුම කදවුරු තුළ සේවයේ නියුතු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කාර්ය සාධන ප්‍රමිතීන් ඉහළ නැංවීමේ අරමුණින් යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් ක්‍රීඩා විද්‍යාව තේමාව යටතේ අධ්‍යාපනික වැඩසටහන් මාලාවක් ආරම්භ කරනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන කටයුතු කළ යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත යුද්ධ හමුදා ක්‍රීඩා මනෝවිද්‍යා කපිතන් ඕ.ඩී.එස්.කේ. රූපශ්‍රී විසින් පසුගිය සිකුරාදා (ජූලි මස 21) දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී ‘ක්‍රීඩා මනෝවිද්‍යාව’ පිළිබඳ වැඩමුළුවක් පවත්වන ලදී.

වැඩමුළුව ආරම්භයේ දී පැවති ‘මාංශ පේශි ලිහිල් කිරීම’ පිළිබඳ ප්‍රායෝගික සැසිය සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වූෂු ක්‍රීඩකයින් 350 කට අධික පිරිසක් සහභාගී වූහ.

මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් යූ.වී.ඩබ්ලිව්.එස්. අමරසිරි, ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.