24th July 2023 18:12:43 Hours
වර්ෂ 1996 ජුලි මස 18 දින සිට 25 දින දක්වා කාලය තුළ ‘මුලතිව් සටන - 1996’ දී දිවිපිදූ නිලධාරීන් 44 දෙනෙක් සහ සෙසුනිලයන් 1125 දෙනෙකුගේ අමරණීය මතකයන් සිහිපත් කරමින් පසුගිය අඟහරුවාදා (ජුලි මස 18) දින ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව් පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී සැමරුම් උත්සවයක් පැවැත්විණි. මෙම උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.
මෙම අවස්ථාවට වැඩමවා වදාළ මහා සංඝරත්නය වෙත මතක වස්ත්‍ර පූජා කිරීමෙන් අනතුරුව එම භික්ෂූන් වහන්සේලා මෙම අවස්ථාවට සහභාගී වූ සියලුදෙනා වෙනුවෙන් ආශිර්වාද එක්කළේය. පසුව, ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ දිවංගත රණවිරුවන් වෙත පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව මෙම අවස්ථාවට සහභාගී වූ නිලධාරින් සහ සෙසුනිලයන් ද රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකළහ.
මෙම වැඩසටහනට සමගාමීව, මුලතිව් මානුෂීය මෙහෙයුමේදී දිවිපිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් 59 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 591 පාබල බලසේනාවේ භටපිරිස් ජුලි මස 01 දින සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනාවක් පවත්වා පසුදින මහා සංඝරත්නය වෙත හීල් දානය පූජා කළහ. 59 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මගපෙන්වීම මත 591 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව මෙම පුණ්‍ය වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම සැමරුම් උත්සව අවස්ථාවන් සඳහා ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.
වර්ෂ 1995 අගභාගයේදී සහ වර්ෂ 1996 මුල් භාගයේදී එල්.ටී.ටී.ඊ ත්රස්තවාදීන්ට යාපනය අර්ධද්වීපයේ පාලනය ගිලිහීයාමෙන් පසුව එම පරාජයට මුහුණ දීමට නොහැකිව වන්නි ප්‍රදේශයේ මහා වනාන්තරය වෙත පසුබැසීමට පටන් ගත්හ. ඔවුන් තම අවි ගබඩාවෙන් වැඩි කොටසක් ඉතිරි කරගනිමින් කිලිනොච්චිය ප්‍රදේශය ඔවුන්ගේ නිජබිම කරගනිමින් එම ප්‍රදේශයේ පිහිටි යුද්ධ හමුදා කඳවුරට එරෙහිව දරුණු ප්‍රහාරයක් දියත් කළහ.