Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th July 2023 18:49:27 Hours

අම්පාර සටන් පුහුණු පාසලේ පැවති ‘කනිෂ්ඨ උපදේශක පාඨමාලාව - අංක 101’ සාර්ථකව අවසන්

අම්පාර සටන් පුහුණු පාසලේ පැවති ‘කනිෂ්ඨ උපදේශක පාඨමාලාව - අංක 101’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය පසුගිය සිකුරාදා (ජූලි මස 21) දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී විය.

මාස තුනක කාලසීමාවක් පුරාවට පැවති මෙම පාඨමාලාව සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් කොමිෂන් නොලත් නිලධාරින් 62 දෙනෙකු සහභාගී වූහ. 16 (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එන්.ජී.කේ.ටී. මධුසංඛ පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයාට හිමි සම්මානය දිනාගත්තේය.

මෙම උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.