Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th July 2023 19:30:30 Hours

යුද්ධ හමුදා උපදේශකවරුන් වෙනුවෙන් ‘සමාකෘති අවි පුහුණු’ වැඩමුළුවක්

දීප ව්‍යාප්ත යුද්ධ හමුදා පුහුණු පාසල්වල සේවයේ නියුතු යුද්ධ හමුදා උපදේශකවරුන් වෙනුවෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් ‘සමාකෘති අවි පුහුණුව’ පිළිබඳ තෙදින පුහුණු වැඩසටහනක් ජුලි මස 19 සිට 21 දින දක්වා කාලය තුළ පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්වීය.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා පුහුණු ආයතන 12 ක් නියෝජනය කරමින් නිලධාරියෙකු සහ සෙසුනිලයන් 33 දෙනෙකු සහභාගී වූ අතර ආරක්‍ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ පර්යේෂණ විශ්ලේෂණ ප්‍රක්ෂේපන සහ සංවර්ධන අංශයේ උපදේශකයින් සමඟින් ශ්‍රී ලංකා සංඥා බලකායේ උපදේශකවරුන් විසින් මෙම පුහුණු වැඩසටහන මෙහෙයවනු ලැබීය.

යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.කේ.එස්. නන්දන ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන පැවැත්විණි. වැඩමුළුව අතරතුර, සමාකෘති පද්ධති භාවිතයෙන් අවි පුහුණුව, නඩත්තු කිරීම සහ හැසිරවීම පිළිබඳ සහභාගිවූවන් දැනුවත් කළේය.