Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th July 2023 21:06:36 Hours

යුද්ධ හමුදා මළල ක්‍රීඩකයින් ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ 400×4 සහය දිවීමේ ඉසව්වේ නව වාර්තා පිහිටුවමින් රන් පදක්කම දිනා ගනී

බැංකොක් හි පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී (AAC) යුද්ධ හමුදා ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා කණ්ඩායම, බැංකොක්හිදී ඉරිදා (ජුලි මස 16) දින පැවති 400×4 (පිරිමි සහාය දිවීමේ) ඉසව්වෙන් විනාඩි 3.01.56 ක කාලයක් වාර්තා කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් සහ ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලි වාර්තාවක් සමඟින් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් විය.

2 (සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සැරයන් එච්.කේ.කේ. කුමාරගේ, 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බොම්බොඩියර් එස්.ඒ දර්ශන, 2 (සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.ආර්.එන් රාජකරුණා සහ 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබළ ජී.ඩී.කේ.කේ නිකූ යන යුද්ධ හමුදා ක්‍රීඩකයින් එම ඉසව්ව සඳහා සහභාගී වූහ.

400 x 4 කාන්තා කාණ්ඩයේ යටතේ තරඟ වැදුනු ශ්‍රී ලංකා කණ්ඩායම ද ඉරිදා (ජුලි මස 16) දින රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූහ. එහිදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් 5 (සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් එන්.රත්නායක සහභාගී වූ අතර, ඔවුන් එහිදී විනාඩි 3:33.27 කින් තරඟය නිමා කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් ද බිහි කළහ.