16th July 2023 15:12:20 Hours
තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වෙන ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලිය (AAC) – 2023, තරඟාවලියේ පසුගිය සෙනසුරාදා (ජූලි මස 15) දින පැවති 400 x 4 මිශ්‍ර සහය දිවීමේ තරඟ ඉසව්වෙන් ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම රිදී පදක්කම දිනාගත්තේය.
කණ්ඩායම නියෝජනය කරන ලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනාගෙන් තිදෙනෙකුම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කල අතර, ඔවුන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සැරයන් එච්.කේ.කේ කුමාරගේ, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බොම්බොඩියර් එස්.ඒ දර්ශන සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් එන්. රාමනායක යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම තත්පර 3:15.41 කින් තරගය නිමාකරන ලදී.