Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th July 2023 18:22:42 Hours

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන පවුලක් සඳහා යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් නව නිවසක්

යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන නිවාස ඉදිකරදීමේ ව්‍යපෘතියෙහි තවත් එක් අධියරක් වශයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ 682 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් පුදුකුඩිඉරිප්පු, සිවනගර් ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන පවුලක් සඳහා ඉදිකරදුන් නව නිවස පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි මස 13) දින එම නිවාස ලාභීන් වෙත පවරාදෙනු ලැබීය.

ස්ථිර ආදායම් මාර්ගයක් නොමැතිව දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවිගෙවන නිවාස ලාභී සුප්පයියා කනගලිංගම් මහතා එක් දියණියකගේ සහ පුත්‍රයකුගේ පියෙකු වෙයි. ටකරන් තහඩු සෙවලිකරන ලද කුඩා නිවසක ජීවත්වන මෙම පවුලෙහි ජීවන තත්ත්වය පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහතා විසින් 682 පාබල බලසේනාවේ භටපිරිස් වෙත දැනුම් දෙන ලදී.

ධානපතියන් වන මන්ඩුවිල් හි පදිංචි කේ ශාන්ත සහ එම් සුමන්, ආනන්දපුරම් හි පදිංචි එස් පුනිදවලන්, වලයිමඩම් හි පදිංචි එම්.බී ඇන්ටන් යන මහත්වරුන්ගේ මූල්‍යමය දායකත්වය මත නව නිවස ඉදිකිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා රු.3,20,00.00 මුදලක් ලබාදුන් අතර, 6 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් ඩී.එම්.ඩී.එස් දිසානායක ආර්එස්පී ගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් 6 දෙනෙකු විසින් නව නිවස ඉදිකිරීමට අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාප‍ති - මුලතිව් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහ 682 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.කේ රොහාන් ආර්එස්පී යූඑස්පී ගේ මගපෙන්වීම යටතේ නව නිවසේ ඉදිකිරිම් කටයුතු සිදුකරන ලදී.

ප්‍රතිලාභීන් වෙත නව නිවස ලබාදීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තතා ලෙස 68 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් පුදුකුඩිඉරිප්පු සහකාර ප්‍රාදේශීය ලේකම් සහ පුදුකුඩිඉරිප්පු සංවර්ධන නිලධාරී සහභාගී වූ අතර, මුලතිව් ප්‍රදේශයේ රාජකාරියෙහි නියුතු යුද්ධ හමුදා නිළධාරීන් විසින් එම පවුල වෙත ගෘහ භාන්ඩ, අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ වියළි ආහාර සලාක පාර්සල් කීපයක්ද පිරිනමනු ලැබූහ.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, නිවාස ලාභීන්ගේ පවුලේ ඥාතීන් සහ ගම්වාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.