Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th July 2023 21:47:16 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකා අන්තර් බලඇණි සරඹ තරඟාවලිය සඳුන්පුර දී පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය මඟින් පවත්වනු ලැබූ ‘අන්තර් ඒකක සරඹ තරඟාවලිය - 2023’, අවසන් තරඟය සඳුන්පුර, 3 (ස්වෙච්ඡා) යුද්ධ හමුදා කාන්තා බලකා කඳවුරු පරිශ්‍රයේදී සරඹ කණ්ඩ දෙකක සහභාගීත්වයෙන් පසුගිය අඟහරුවාදා (ජූලි මස 11) දින පැවැත්විය.

සරඹ තරඟාවලියේ සම්මාන ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහභාගි විය.

සරඹ කණ්ඩ දෙකක සහභාගීත්වයෙන් සරඹ තරඟාවලිය පවත්වන ලද අතර, එක් කණ්ඩායමක 1 යුද්ධ හමුදා කාන්තා බලකායේ සහ 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාජිකාවන්ද අනෙක් කණ්ඩායම සඳහා 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සහ 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාජිකාවන්ගෙන්ද සමන්විත විය.

තරඟාවලියේ විශිෂ්ඨ දස්කම් දැක්වූ 2 (ස්වෙච්ඡා) යුද්ධ හමුදා කාන්තා බලකායේ සහ 3 (ස්වෙච්ඡා) යුද්ධ හමුදා කාන්තා බළකායේ සාමාජිකාවන්ගෙන්ද සැදුම්ලත් ඒකාබද්ධ සරඹ කණ්ඩය සරඹ තරඟාවලයේ ශූරතාවය හිමිකරත්හ.

සරඹ තරඟාවලියේදී 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලුතිනන් ඩී.ඒ.ඩී.එන්. දීරසිංහ දක්‍ෂතම කණ්ඩායම් අණදෙන්නා ලෙසත්, බළලත් නිලධාරිනි II බී. හෙලන් හොඳම සරඹ උපදේශක ලෙසත් සම්මාන දිනාගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ නිලධාරීනියන්, නිලධාරිනියන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.