Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th July 2023 21:41:36 Hours

10 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කරයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 59 පාබල සේනාංකයේ 591 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 10 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් නන්දිකඩාල්, 59 පාබල සේනාංක පුහුණු පාසලේදී පවත්වනු ලැබූ බලඇණි පුහුණු පාඨමාලාව පසුගිය සඳුදා (ජුලි මස 10) දින සාර්ථකව අවසන් කරන ලදී.

බලඇණි පුහුණු පාඨමාලාවේ සමාප්ති දින ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.

මාස දෙකක කාලයක් පුරා පැවති බල ඇණි පුහුණු පාඨමාලාව සඳහා 10 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් 08 දෙනෙකු සහ සෙසු නිලයින් 259 දෙනෙකු සහභාගී වූහ.

පාඨමාලාවේ දක්‍ෂතම ශිෂ්‍යයා, දක්‍ෂතම වෙඩික්කරු සහ හොඳම ශාරීරික යෝග්‍යතාවය හිමි සෙබළා ලෙස පිළිවෙලින් කපිතන් පී.කේ.එච් වල්ගම්පොල, ලාන්ස් කෝප්‍රල් ඩී.ජී.එච්.එම් ජයරත්න සහ රයිෆල් සෙබළ එම්.සී.එම් පීරිස් සම්මාන ලැබූහ.