Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th July 2023 17:14:00 Hours

ධූරයෙන් නික්මයන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ධූරයේ රාජකාරී හෙඹවූ විනෝද් කුරියන් ජේකබ් මහතා (Mr Vinod Kurian Jacob) සිකුරාදා (ජුලි මස 14) දින මෙරට සිය රාජ්‍යතාන්ත්‍රික කටයුතු අවසන් කර තම රට වෙත පිටත්ව යාමට පෙරාතුව යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවී සුහඳ පිළිසඳරක නිරත විය.

යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පැවති හමුවේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස්තුමන් තම ධුර කාලය තුළ ලබා දුන් සහයෝගය සහ සුහදතාවය පිළිබඳව සිය කෘතඥතාව පළ කරන ලදී.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතා සිහිපත් කළ ඔවුන් දෙපළ එවැනි සබඳතා තවදුරටත් පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳව අවධාරණය කළ අතර, සුහඳ හමුව අවසානයේදී සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, යුද සේවා ලේකම් මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක ලුතිනන් කර්නල් පූනීත් සුෂිල් (Lieutenant Colonel Puneet Sushil) ද සහභාගී වූහ.