Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th July 2023 00:22:31 Hours

ගජබා රෙජිමේන්තු සේවා මුක්ත භටසංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ගජබා රෙජිමේන්තු සේවා මුක්ත භටසංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු හා හිටපු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානියෙකු වන ලුතිනන් ජෙනරල් ජගත් ඩයස් (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී, පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි මස 13) යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.

වර්ෂ 2015 දෙසැම්බර් මස යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගනු ලැබූ, ගජබා රෙජිමේන්තුවේ කීරීත්මත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ලුතිනන් ජෙනරල් ජගත් ඩයස් (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී, ක්‍රියාකාරී, පරිපාලන හා ශාස්ත්‍රීය කටයුතුවලදී යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකරනු ලැබූ කැපකිරීම් සහ කැපී පෙනෙන සේවය හේතුවෙන් කීර්තිමත් රණශූරයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත.

පැවති සුහඳ හමුවේදී යුද්ධ හමුදාපතිතුමන් විසින් වසර 35 කට අධික කිර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ විවිධ ධූරයන්හි රාජකාරි සිදුකරමින් යුද්ධ හමුදාවට එතුමන් විසින් සිදුකරනු ලැබූ සේවය සිහිපත් කළේය. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන්, ලුතිනන් ජෙනරල් ජගත් ඩයස් (විශ්‍රාමික) ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරමින් සිය සුබ පැතුම් එක් කළේය.