Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th July 2023 18:41:17 Hours

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති ඩිවී ගුස්ටිනා ටෝබිං (Dewi Gustina Tobing) මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක හේරු ප්‍රයිත්නෝ (Mr. Heru Prayitno) මහතා සමඟ ඉකුත් බදාදා (11) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟ සුහඳ සාකච්ඡාවක නිරතවිය.

මෙම සුහඳ හමුවේදී, යුද්ධ හමුදාවේ සංවර්ධනය ඉලක්ක කරගත් කාර්යභාරයන් පිළිබඳව සහ දෙරට අතර පවතින සුහදතාවය, සහයෝගීතාවය මෙන්ම ද්විපාර්ශ්වික සබඳතාවයේ දිගුකාලීන බැඳීම් සහ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සඳහා ක්‍රියාත්මක පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධ අභ්‍යාසවලට සහභාගී කරවීමේ හැකියාව පිළිබදව අදහස් හුවමාරු කරගන්නා ලදී.

සුහද හමුව අවසානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහ ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපතිතුමන් අතර සුහදතාවය සහ සහයෝගීතාව සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.