12th July 2023 19:50:56 Hours
වසර 36 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිය පවුලේ සාමාජිකයන් සමඟ ඉකුත් බදාදා (12) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
මෙම සුහද හමුවේදී, අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ කැපවීමෙන් හා පරාර්ථකාමීත්වයෙන් යුතුව විවිධ වගකීම් ඉටුකරමින් කළ සේවය වෙනුවෙන් ප්‍රශංසා කළේය. තවද, 2009 වර්ෂයට පෙර පැවැති කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව දියත්කරනු ලැබු මානූෂීය මෙහෙයුමේදි ශ්‍රී ලංකා පාබල හමුදා නිලධාරියෙකු ලෙස ඉටුකරනු ලැබු සේවය සහ දැක්වූ දායකත්වය පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන් සිහිපත් කළේය.
යුද්ධ හමුදාධිපතිතුමන් සහ මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ පවුලේ සාමාජිකයින් සමඟින් පැවති සුහඳ පිළිසඳරේදී තත් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවා කාලය පුරාවටම ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔහුට ලබාදුන් සහය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක්කළ අතර, එතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන්ද සිය සුභාශිංෂනයන් එක්කළේය.
යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සිය රාජකාරී කාල සීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් මඟපෙන්වීම වෙනුවෙන් එතුමන් වෙත සිය කෘතඥතාව පුදකළේය.
මෙම සුහඳ හමුව සමාප්තියේ, මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයන්ද ප්‍රදානය කළේය.
වර්ෂ 1986 ඔක්තෝම්බර් මස 27 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුණු මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 26 යටතේ මූලික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව වෙත අනුයුක්ත කරනු ලැබු අතර, ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2020 මැයි මස 14 දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන විට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ධූරයේ රාජකාරි කරනු ලැබීය. 1 සහ 6 ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයන්හි ඛණ්ඩභාර නිලධාරි, 6 ශ්‍රී ලංකා පාබල හමුදාවේ බුද්ධි නිලධාරි, නිලධාරි අණදෙන සහ විධායක අධිකාරි, 11 පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරී II (පාලන), ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පුහුණු අංශයේ ප්‍රධාන උපදේශක, 3, 8 සහ 10 ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයන්හී මෙහෙයුම් සහ පුහුණු නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ සැලසුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී 2 (සැලසුම්), 1 සහ 7 ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයන්හී දෙවන අණදෙන නිලධාරි, ශ්‍රී ලංකා යොවුන් සේනාංකයේ කොළඹ ප්‍රාදේශීය අධ්‍යක්‍ෂ, 23 පාබල සේනාංකයේ ප‍්‍රධාන මණ්ඩලික නිලධාරි I (සම්බන්ධිකරණ), 4 ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ අණදෙන නිලධාරි, 512, 523 සහ 663 පාබල බලසේනාවන්හි බලසේනාධිපති, 21 පාබල සේනාංකයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික, ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ගුවන් සංග‍්‍රමික බලසේනාවේ බලසේනාධිපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, යුද්ධ හමුදා මූලස්ථානයේ ආධුනිකයින් බඳවා ගැනිමේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වැළැක්වීමේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි, යුද්ධ හමුදා මල්ලවපොර කමිටුවේ සභාපති, ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ බලසේනාධිපති, යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු කර්නල් සේනාවිධායක, යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදා ක්‍රීඩා කමිටු සභාපති යන තනතුරු හොබවා ඇත.
නිකැළැල් යුද්ධ හමුදා සේවයකින් යුතු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යුද බිමෙහි දක්වන ලද රණකාමිත්වය වෙනුවෙන් එතුමන් වෙත රණවික‍්‍රම හා රණශුර පදක්කම ද පිරිනමා ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි දේශිය හා විදේශිය පාඨමාලා/ වැඩමුළු හා දේශන රාශියකට සහභාගි වි ඇති අතර, ඉන් ප‍්‍රධාන වශයෙන් ප්‍රතිවිප්ලවීය යුද පාඨමාලාව, ඛණ්ඩ අණදෙන නිළධාරීන්ගේ පාඨමාලාව, පරිගණක පාඨමාලාව, තරුණ නිලධාරි පාඨමාලාව - පාකිස්තානය, මිලිමීටර් 81 මෝටාර් පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරි පාඨමාලාව - පාකිස්තානය, කණිෂ්ඨ අණදෙන්නන්ගේ සහ මාණ්ඩලික නිලධාරි පාඨමාලාව - බංගලාදේශය, ජ්‍යෙෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව සහ ජාතික ආරක්‍ෂාව සහ යුද පාඨමාලාව - පාකිස්ථානය යන පාඨමාලා සාර්ථකව හදාරා ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ශ‍්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි ශාස්ත‍්‍රපති උපාධිධාරියෙකි. ඇමෙරිකා එක්සත් ජනපදයෙහි ගැටුම් නිරාකරණය පිළිබඳ සම්මන්ත‍්‍රණය හා දකුණු සහ ඊසාන දිග ආසියාතික රටවල ආරක්‍ෂාව පිළිබඳ මොංගෝලියාවේ පැවති සම්මන්ත‍්‍රණය සඳහා සහභාගි වි ඇත. පාකිස්ථානයේ, ඉස්ලාමාබාද්හි ජාතික ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වශයෙන් තම යුද්ධ හමුදා ප‍්‍රගමනය ඔප මට්ටම් කරගත් කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මෙතුමන් විද්‍යා හා භූ තොරතුරු තාක්‍ෂණ ආයතනයේ අන්තර්ජාල සහ විද්‍යුත් තැපෑල හැසිරවීම සම්බන්ධ ‘Microsoft Office 97’ උසස් පාඨමාලාව ද හදාරා ඇත.