Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th July 2023 20:44:50 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමිය අත්තිඩිය මිහිඳු සෙත්මැදුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සංචාරයක

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මනෝරි වෙලගෙදර මහත්මිය තවත් සේවා වතිනා සාමාජිකාවන් කිහිපදෙනෙකු සමඟින් පසුගිය බදාදා (ජුලි මස 5) දින අත්තිඩිය මිහිඳු සෙත්මැදුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවෙමින් රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීය.

සංචාරය අතරතුරදී, ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමිය විසින් මිහිඳු සෙත්මැදුර පරිශ්‍රයේ සිදුකෙරෙන ඉදිකිරීම් කටයුතු සඳහා ප්‍රයෝජනවත් වන විදුලි පහනක් සහ සිමෙන්ති කොට්ට කිහිපයක් පරිත්‍යාග කරන ලදී.

මෙම සංචාරයේදී, පුනරුත්ථාපන කටයුතුවල නිරත රණවිරුවන් වෙනුවෙන් දිරිදීමනා වශයෙන් රු. 2000/= ක වටිනාකමකින් යුත් මුදල් චෙක්පත් පරිත්‍යාග කෙරිණි.