08th July 2023 21:01:42 Hours
ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ නිලධාරී පුහුණු දිනය ඉකුත් සඳුදා (ජූනි 26) දින කොළඹ ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා මූලස්ථානයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් 100 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.
පුහුණු දින වැඩසටහන ආරම්භ කරමින් උදෑසන ශාරීරික පුහුණු අභ්‍යාසවල සහ කඩු සරඹ පුහුණු අභ්යාසයන්වල නිරත වීමෙන් අනතුරුව, ‘විදුලි මෝටර් රථ තාක්ෂණ’ පිළිබඳව ‘Thermal R Industries’ පුද්ගලික ආයතනයේ නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී සසිරංග ද සිල්වා මහතා විසින් දේශණයක් පවත්වන ලදී. ඉන්අනතුරුව සීමාසහිත ඇසෝසියේටඩ් මෝටර්වේස් පුද්ගලික සමාගමේ ජ්‍යෙෂ්ඨ පුහුණුකරු ජයන්ත බණ්ඩාරනායක මහතා විසින් ‘නව විදුලි මෝටර් රථ තාක්ෂණ’ පිළිබඳ දේශනයක් පවත්වන ලදී.
‘ඩයිනර්ස් ක්ලබ්’ වැඩසටහනේදී, කීර්තිමත් නායකත්ව සහ කළමනාකරණ පුහුණුකරුවෙකු වන ආචාර්ය රනිල් සුගතදාස මහතා විසින් නිලධාරී නිවස්නයේදී නිලධාරීන් සඳහා අභිප්‍රේරණ දේශනයක් පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා භඨකාර්ය සම්පාදන ආඥාපති සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී, අධ්යක්ෂ ජනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ ජයසේකර යූඑස්පී පීඑස්සී, ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ඒ.එන්.ජේ. ආරියසේන සහභාගී වූහ.