05th July 2023 19:43:18 Hours
ජාතික හා ජාතික කනිෂ්ඨ පිහිනුම් ශූරතාවලිය - 2023, දීප ව්‍යාප්ත පිහිනුම් ක්‍රීඩකයින් රැසකගේ සහභාගීත්වයෙන් ජුනි මස 29 වන දින සිට ජූලි මස 01 වන දින දක්වා සුගතදාස ක්‍රීඩාංගණ පිහිනුම් තටාකයේදී පැවැත්වූහ.තරඟාවලිය සඳහා දිවයිනේ පාසල් සහ විවිධ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් පිහිනුම් ක්‍රීඩකයින් 600කට අධික පිරිසක් සහභාගී වූහ.
යුද්ධ හමුදා පිහිණුම් කණ්ඩායම රන් පදක්කම් 4ක්, රිදී පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 3ක් හිමිකර ගනිමින් ජාතික ජල ක්‍රීඩා පිහිනුම් ශූරතාව - 2023 (පිරිමි කාණ්ඩය) තරඟාවලියේ දෙවන ස්ථානය හිමිකර ගන්නා ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ විසින් පිහිණුම් ශූරතාවයට සහභාගී වූ යුද්ධ හමුදා පිහිණුම් ක්‍රීඩකයින් සඳහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදී.