05th July 2023 05:50:29 Hours
රුසියාවේ මොස්කව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස පත්කරන ලද ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගෲප් කපිතාන් එස්.ආර් ජයරත්න ඩබ්ලිව්වී ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී පීඑස්සී පසුගිය සිකුරාදා (ජුනි මස 30) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය.
යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එහිදී ගෲප් කපිතාන් එස්.ආර් ජයරත්න වෙත සිය සුභාශිංසන පිරිනැමූ අතර, නව පත්වීමේ වැදගත්කම සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වශයෙන් රටේ යහපත වෙනුවෙන් ඉටුකළ හැකි කාර්ය භාරය පිළිබඳවද අවධාරණය කළේය.
මෙම සුහද හමුව සමාප්තියේ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් ගෲප් කපිතාන් එස්.ආර් ජයරත්න වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.