Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th July 2023 19:48:09 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ පුහුණු දිනය සාර්ථකව පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය මගින් 2023 වසරේ දෙවන කාර්තුව සඳහා සංවිධානය කරන ලද එම බලකායේ නිලධාරිනී පුහුණු දිනය පනාගොඩ ඉංජිනේරු සේවා රෙජිමේන්තු මධ්‍යස්ථාන මූලස්ථානයේදී යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය බදාදා (ජුනි මස 28) දින පැවැත්වූහ.

පුහුණු දිනය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති සහ ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ උපදෙස් මත බ්‍රිගේඩියර් ජේ.කේ.ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ පවත්වන ලදී. මෙම පුහුණු දින වැඩමුළුව තුළින් යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරීනියන්ගේ රෙමේන්තුකරනය, වෘත්තීයභාවය, සංවර්ධනය සහ සහජීවනය ඉහල නැංවීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදෙන ලදී.

පුහුණ දිනයේ පළමු සැසිවාරය වෙනුවෙන් 1 විශේෂ බළකායේ අණදෙන නිලධාරී මේජර් ජේ.ටී.පී.කේ.පී අල්විස් විසින් ‘Philosophy of Femininity & Righteousness of Women’s Role-Play for Balance Society’ යන මාතෘකාව යටතේ දේශනයක් පවත්වමින් පුහුණු දින වැඩ කටයුතු ආරම්භ කරන ලදී. අනතුරුව 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ හි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරිනියකු වන ජ්‍යෙෂ්ඨ උපදේශක හා මනෝ චිකිත්සක ලුතිනන් කර්නල් කේ.එම් මුතාලිෆ් (විශ්‍රාමික)විසින් දෙවන සැසිවාරයේදී තවත් හරවත් දේශනයක් පවත්වන ලද අතර, මනෝවිද්‍යා උපදේශිකා භාග්‍යා අබේසිංහ මහත්මිය විසින් ‘Women Beyond the Love Triangle’ යන මාතෘකාව යටතේ ද දේශනයක් පවත්වන ලදී.

වැඩසටහන අනතුරුව පැවති ‘Diners' Club’ සැසියේදී 3 විශේෂ බලකායේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් එස්.එම්.එන්.කේ.බී සෙනෙවිරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී විසින් දැනුම වැඩි දියුණු කිරීම සඳහා ‘History of Sri Lankan Culture’ මැයෙන් දේශනයක් පවත්වන ලදී. අනතුරුව, 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අණදෙන නිලධාරීනි මේජර් ටී.ටී.කේ.කේ ප්‍රනාන්දු පීඑස්සී විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉදිරි ව්‍යාපෘතින් සහ එම බලකායේ කාන්තා නිලධාරීනියන් සඳහා මෙවැනි පාඨමාලාවන්හි ඇති වැදගත්කම පිළිබඳව කෙටි දේශණයක් සිදු කරන ලදී.