Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd July 2023 21:26:17 Hours

හමුදා භටපිරිස් සම්බන්ධීකරණයෙන් මුලතිව් ප්‍රදේශයේ පවුලක් වෙත නව නිවසක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 6 ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් මුලතිව්, වල්ලුවර්පුරම් ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා ඉදිකර දෙන ලද නව නිවසක් ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි 29) දින විවෘත කර එම නිවාස ලාභීන් වෙත ප්‍රදානය කරන ලදී.

නිවාස ලාභීයා සහ දරුවන් තිදෙනා ගතකරන ජීවන තත්ත්වය පිළිබඳව භට පිරිස් විසින් දැනුවත් වීමෙන් පසුව 68 පාබල සේනාංකයේ ඉල්ලීම මත ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්, හිතවතුන් සහ දානපතියන් ඇතුළු කිහිප දෙනෙකු ඉදිරිපත් වී නව නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය මූල්‍යමය ප්‍රථිපාදන ලබාදුන් අතර, 6 ගැමුණු හේවා බලකායේ භටපිරිස් ස්වේච්ඡාවෙන්ම ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදුන්හ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් සහ 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත 681 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.ඩී.පී ගුණතුංග ගේ අධීක්‍ෂණය යටතේ 6 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එස්.එල්.ඩබ්ලිව් දිසානායක ආර්එස්පී සහ එම ඒකකයේ භටපිරිස් විසින් සති කිහිපයක් ඇතුළත නිවසේ ඉදිකිරීම් කටයුතු නිම කරන ලදී.

ආගමික වතාවත් සහ චාරිත්‍රානුකූලව නව නිවස ප්‍රතිලාභින් වෙත ලබාදීමේ අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, නිවාස ලාභීන්ගේ ඥාතීන් සහ ගම්වාසීන් පිරිසක් ද සහභාගී වූහ.