29th June 2023 22:41:09 Hours
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා පාබල හමුදාව දැනට ක්‍රියාත්මක කරනු ලබන නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යමින් එම රෙජිමේන්තුවේ සෙබළුන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකරන ලද තවත් එක් නිවසක් පසුගිය බ්‍රහස්පතින්දා (29) දින ගාල්ල, ඉමදූව ප්‍රදේශයේ පැවති උත්සවයකදී ප්‍රතිලාභීන් වෙත පවරා දෙන ලදී.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ උපදෙස් මත මෙම නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය අදියර තුනක් යටතේ සිදුකරනු ලබයි. එහිදී ඒකක මට්ටමෙන් නිවාස අවශ්‍යතා ඇති භටපිරිස් තෝරා ගැනීම සිදුකරනු ලබයි. වසර 15 කට අධික සේවා කාලයක් සහිත 12 ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ රාජකාරි කරනු ලබන ඉමදූව ප්‍රදේශයේ පදිංචි විවාහක කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙත නව නිවස ඉදිකර දෙනු ලැබීය. ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන් විසින් නව නිවස ප්‍රතිලාභී කොමිෂන් නොලත් නිලධාරි වෙත ප්‍රධානය කරනු ලැබූ අතර, එම අවස්ථාවට ප්‍රතිලාභීන්ගේ ඥාතීන්, ආරාධිතයන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද පැමිණ සිටිහය.
නව නිවස ඉදිකිරීම සඳහා 12 ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්.ඒ.ඒ රණවක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත එම ඒකකයේ භටපිරිස් විසින් අවශ්‍ය ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම ලබාදුන්හ. ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන්ගේ උපදෙස් මත සියළුම පාබල හමුදා ඒකකයන්හි තෝරාගත් එක් සෙනියෙකු සඳහා නව නිවසක් ඉදිකර දීමට අදහස් කරයි. උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනා විධායක කර්නල් එම්.පී.එස්.පී කුලසේකර ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්වී ආර්එස්පී, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.