Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th June 2023 10:50:12 Hours

විශ්‍රාම දිවියට පා තබන ගුවන් හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදාධිපතිතුමන් අතර හමුවක්

නුදුරේදී විශ්‍රාම දිවියට පා තබන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එස්.කේ. පතිරණ ඩබ්ලිව්ඩබ්ලිව්වී (දෙවරක්), ආර්ඩබ්ලිව්පී (දෙවරක්), ආර්එස්පී (සිව්වරක්), වීඑස්වී, යූඑස්පී, එම්එස්සී (එම්ඕඒ), යූඑස්ඒ, එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන) කළමණාකරන, එම්ෆීල් (ඉන්දියා), එම්අයිඑම් (ශ්‍රී ලංකා), එන්ඩීසී (ඉන්දියා), පීඑස්සී, කිව්එෆ්අයි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යුද්ධ හමුදා මූලස්ථානයේදී සඳුදා (26) දින හමුවූයේය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි ගුවන් හමුදාධිපතිතුමන් වෙත ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරයන් ද එතුමන් වෙත පුදකිරීමෙන් අනතුරුව යුද්ධ හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් එස්.ආර්.බී. අළුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන්අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.පසුව යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් සමඟින් සමරු ඡායාරූපයක් ද ගැනීමෙන් අනතුරුව එතුමන් යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැටුව යනු ලැබීය.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ විශ්‍රාම ලබන ගුවන් හමුදාධිපතිතුමන් අතර පැවති සුහද හමුවේදී, ඔවුන් දෙදෙනාම ක්‍රියාන්විත රාජකාරීන්හිදි ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ කැපවීම් ඇතුළු අනෙකුත් කරුණු පිළිබඳව සාකච්ඡා කෙරිණි. එමෙන්ම, යුද්ධ හමුදාව සහ ගුවන් හමුදාව අතර පවතින සහයෝගීතාවය පිළිබඳව ද අදහස් හුවමාරු කරගත්හ. සුහද හමුව සමාප්තියේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ විශ්‍රාම ලබන ගුවන් හමුදාධිපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම විශ්‍රාම ලබන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් එස්.කේ. පතිරණ ඩබ්ලිව්ඩබ්ලිව්වී (දෙවරක්), ආර්ඩබ්ලිව්පී (දෙවරක්), ආර්එස්පී (සිව්වරක්), වීඑස්වී, යූඑස්පී, එම්එස්සී (එම්ඕඒ), යූඑස්ඒ, එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන) කළමණාකරන, එම්ෆීල් (ඉන්දියා), එම්අයිඑම් (ශ්‍රී ලංකා), එන්ඩීසී (ඉන්දියා), පීඑස්සී, කියුඑෆ්අයි විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.