Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th June 2023 11:25:43 Hours

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන මේජර් ජෙනරල් එස්.එච් මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකායේ ජ්‍යෙෂ්ඨ නිළධාරී සහ කොළඹ යුද්ධ හමුදා රෝහලේ විකිරණ රශ්මි විශේෂඥ වෛද්‍ය මේජර් ජෙනරල් එස්.එච් මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී සිය භාර්යයාව සමඟින් යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ බදාදා (28) දින හමුවිය.

මෙම සුහද හමුවේදී, අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් නුදුරේදී විශ්‍රාම දිවියට එළබෙන මේජර් ජෙනරල් එස්.එච් මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ රට වෙනුවෙන් කැපවීමෙන් හා පරාර්ථකාමීත්වයෙන් යුතුව විවිධ වගකීම් ඉටුකරමින් කළ සේවය වෙනුවෙන් ප්‍රශංසා කළේය. 2009 මැයි මාසයට පෙර කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව පැවැති මානූෂීය මෙහෙයුමේදි වගකීම් සහිත වෛද්‍ය නිලධාරියෙකු ලෙස ඉටුකරනු ලැබු සේවය සහ දැක්වූ දායකත්වය පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන් එහිදී සිහිපත් කළේය.

වසර 37 කට අධික කීර්තිමත් සේවා කාලය තුළ එතුමන් සේවයේ නියුතු සහ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින් දහස් ගණනකගේ සෞඛ්‍ය තත්ත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා කළ නොපසුබස්නා කැපවීම සම්බන්ධව යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රශංසා කරනු ලැබීය.

මේජර් ජෙනරල් එස්.එච් මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී වෙත සිදුකරනු ලැබූ එම ආරාධනය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමාට ස්තූතිය පුද කළ අතර, සිය රාජකාරී කාල සීමාව තුළ ලබාදුන් මගපෙන්වීම වෙනුවෙන් ද එතුමන් වෙත සිය කෘතඥතාවය පළ කළේය.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ මේජර් ජෙනරල් එස්.එච් මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ගේ භාර්යාව සමඟින් පැවති සුහඳ පිළිසඳරේදී තත් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවා කාලය පුරාවටම වෛද්‍ය උපදේශකවරියක ලෙස ඔහුට ලබාදුන් සහය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක්කළ අතර, එතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන්ද සිය සුභාශිංෂනයන් එක්කළේය.

මෙම සුහඳ හමුව අවසානයේ, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මේජර් ජෙනරල් එස්.එච් මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී වෙත විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ භාර්යාව වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කළේය.

1986 දෙසැම්බර් 28 වැනි දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෛද්‍ය බලකාය වෙත කපිතන් නිලය සඳහා ඉදුරාම බැඳුනු මේජර් ජෙනරල් එස්.එච් මුණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2011 ජුනි 27 න වන දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.

නුදුරේදී විශ්‍රාම දිවියට එළඹීමට නියමිත එතුමන් කොළඹ යුද්ධ හමුදා රෝහලේ විකිරණ රශ්මි විශේෂඥ වෛද්‍යවරයෙකු කටයුතු කරයි. මීට ප්‍රථම එතුමන් 3 ශ්‍රී ලංකා පාබල හමුදාවේ වෛද්‍ය නිලධාරී, උතුරු විධානය - පලාලි වෛද්‍ය නිළධාරී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය වෛද්‍ය නිලධාරී, ප්‍රාදේශීය මූලස්ථානය - අම්පාර වෛද්‍ය නිලධාරී, 21 පාබල සේනාංකය - අනුරාධපුර වෛද්‍ය නිලධාරී, ප්‍රාදේශීය මූලස්ථානය - වන්නි වෛද්‍ය නිලධාරී, කොළඹ යුද්ධ හමුදා රෝහලේ X-ray ඒකකයේ අණදෙන නිලධාරී, කොළඹ යුද්ධ හමුදා රෝහලේ දෙවන අණදෙන නිලධාරී සහ අණදෙන නිලධාරී, අධ්‍යක්‍ෂ ජෙනරාල් යුද්ධ හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂක, යුද්ධ හමුදාධිපති වෛද්‍ය උපදේශක, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ බළකාධිපති සහ යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වැනි ධූරයන් හොබවා ඇත.

මානුෂීය මෙහෙයුම් ඇතුළු ප්‍රධාන හමුදා මෙහෙයුම් වලදී වෛද්‍ය නිලධාරියෙකු ලෙස එතුමන් දැක්වූ වීරක්‍රියා සහ නිර්භීතකම වෙනුවෙන් ‘රණ වික්‍රම පදක්කම’ සහ ‘රණ සූර පදක්කම’ යන සම්මානයන්ගෙන් පිදුම් ලබා ඇත. වර්ෂ 2019-2020 කාලය තුළ එතුමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් ද සේවය කර ඇත.