27th June 2023 21:43:47 Hours
68 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 681 පාබල බලසේනාවට අයත් 6 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ඉකුත් සෙනසුරාදා (24) දින උදෑසන උදයාර්කට්ටු මුංගිල්ලාරු රෝහල සහ ඒ අවට ප්‍රදේශය පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් සංවිධානය කරන ලදී. මෙම ශ්‍රමදානමය වැඩසටහන 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මඟපෙන්වීම මත 6 ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි මේජර් එස්.එල්.ඩබ්ලිව් දිසානායක ගේ අධික්ෂණය යටතේ නිලධාරියෙකු සහ සෙසුනිලයන් 10 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී.