27th June 2023 21:34:04 Hours
වසර 35 කට අධික කීර්තිමත් සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුවන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ සිය පවුලේ සාමාජිකයන් සමඟ ඉකුත් බ්‍රහස්පතින්දා (27) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවූයේය. මෙම සුහද හමුවේදී, අදහස් හුවමාරු කරගත් යුද්ධ හමුදාධිපතිතුමන් නුදුරේදී විශ්‍රාම දිවියට එළබෙන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ සිය යුද්ධ හමුදා සේවා කාලය තුළ කැපවීමෙන් හා පරාර්ථකාමීත්වයෙන් යුතුව විවිධ වගකීම් ඉටුකරමින් කළ සේවය වෙනුවෙන් ප්‍රශංසා කළේය. තවද කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව පැවැති මානූෂීය මෙහෙයුමේදි වගකීම්සහගත ගජබා රෙජිමේන්තු නිලධාරියෙකු ලෙස ඉටුකරනු ලැබු සේවය සහ දැක්වූ දායකත්වය පිළිබඳව ද යුද්ධ හමුදාධිපතිතුමන් සිහිපත් කළේය.
යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ආරක්‍ෂක සේනා අඥාපති - මධ්‍යම ලෙස රාජකාරී කරන කාල සීමාව තුළ යුද්ධ හමුදාධිපතිතුමන් ලබාදුන් මගපෙන්වීම වෙනුවෙන් එතුමන් වෙත සිය කෘතඥතාව පළ කළේය. යුද්ධ හමුදාධිපතිතුමන් සහ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ගේ පවුලේ සාමාජිකයින් සමඟින් පැවති සුහඳ පිළිසඳරේදී තත් ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සේවා කාලය පුරාවටම ඔහුගේ පවුලේ සාමාජිකයන් ඔහුට ලබාදුන් සහය යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඇගයීමට ලක්කළ අතර, එතුමන්ගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන්ද සිය සුභාශිංෂනයන් එක්කළේය.
මෙම සුහඳ හමුව අවසානයේ, මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ වෙත යුද්ධ හමුදාධිපතිතුමන් විසින් විශේෂ සමරු තිළිණයක් සහ එතුමන්ගේ පවුලේ සාමාජිකයන් වෙත විශේෂ ත්‍යාගයක්ද ප්‍රදානය කළේය. එහිදී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙතද සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. වර්ෂ 1988 අප්‍රේල් මස 26 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුනු මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය වෙතින් කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 30 යටතේ මූලික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසුව දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්විමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තුව වෙත අනුයුක්ත කරනු ලැබු අතර, ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් වර්ෂ 2021 මැයි මස 07 වන දින මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලැබීය.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි විශ්‍රාම දිවියට එළඹෙන විට ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ලෙස රාජකාරි හෙබවීය. මීට ප්‍රථම එතුමන් 6 ගජබා රෙජිමේන්තුවේ කණ්ඩ භාර නිලධාරි, 8 සහ 10 ගජබා රෙජිමේන්තුවේ නිලධාරි අණදෙන, යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදා ක්‍රීඩා පාලක මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි 2, 6 ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි සහ අණදෙන නිලධාරි, අණදෙන නිලධාරි කොට්ඨාශ අංක 4, කොළඹ මෙහෙයුම් අණදෙන නිලධාරි, මාණ්ඩලික ප්‍රධානී සහ ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, 224 පාබල බලසේනාවේ වැඩබලන බලසේනාධිපති, 122 පාබල බලසේනාවේ බලසේනාධිපති, යුද්ධ හමුදා මූලස්ථානයේ ගමන් පාලක අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ක්‍රීඩා අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ සහ 21 සහ 61 සේනාංකයන්හි සේනාංකාධිපති වැනි ධූරයන් හොබවා ඇත.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරි මානුෂීය මෙහෙයුමේදී දැක්වූ නිර්භීතකම සහ සටන්කාමිත්වය වෙනුවෙන් එතුමන් වෙත ‘රණ වික්‍රම පදක්කම’ සහ ‘රණශූර පදක්කම’ පිරිනමා ඇත. මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ සිය යුද්ධ හමුදා දිවිය තුළ දේශීය සහ විදේශීය පාඨමාලා රැසක් හඳාරා ඇත. ඒ අතර, ඛණ්ඩායම් නිලධාරි අණදෙන පාඨමාලාව, ඛණ්ඩ භාර නිලධාරීන්ගේ උපක්‍රමික පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් මූලික උපදේශක පාඨමාලාව, ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ මානව හිමිකම් උසස් නිලධාරි පාඨමාලාව, මූලික පැරෂුට් පාඨමාලාව, ඒකක අණදෙන නිලධාරි උපදෙසන පාඨමාලාව, එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩල පූර්ව පුහුණු පාඨමාලාව, නිලධාරී ශාරීරික පුහුණු පාඨමාලාව - පකිස්ථානය, තරුණ නිලධාරී පාඨමාලාව - ඉන්දියාව, කනිෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලාව - ඉන්දියාව, පාබල බලඇණි අණදෙන නිලධාරී පාඨමාලාව - චීනය සහ ජාතික ආරක්‍ෂාව සහ යුද පාඨමාලාව - පාකිස්ථානය යන පාඨමාලා රැසක් හදාරා ඇත.