26th June 2023 07:42:51 Hours
මේ වනවිට පැවැත්වෙන 12 වන ආරක්‍ෂක සේවා ක්‍රීඩා උළෙලේ 'මාර්ග ධාවන සහ ඇවිදීමේ ඉසව්ව' පසුගිය සෙනසුරාදා (ජුනි මස 24) දින පැවති අතර එහිදී විශිෂ්ඨ දක්‍ෂතා දක්වමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් රැසක් දිනාගත්හ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව සංවිධානය කරනු ලැබූ මෙම තරඟාවලිය කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවති අතර ඒ සඳහා ත්‍රිවිධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60 කට අධික පිරිසක් සහභාගී වූහ.
මෙම තරඟාවලියේ කිලෝමීටර් 20ක දුරකින් සමන්විත වූ මාර්ග ධාවන සහ ඇවිදීමේ ඉසව්වෙන් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 02 ක්, රිදී 02 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව ලෝකඩ පදක්කමක් දිනාගන්නා ලදී.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රිඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ආර්.ර්.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී, එම කමිටුවේ ලේකම් බ්‍රිගේඩියර් වී.එම්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගි වූහ.
තරඟාවලියේ විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:
පිරිමි කාණ්ඩය
රන් පදක්කම - ගජබා රෙජිමේන්තුවේ සාමාන්‍ය සෙබල පී.එච්.එස්.එල්. ප්‍රනාන්දු
රිදී පදක්කම - ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් එච්.එම්.එස්.ආර්. හේරත්
ලෝකඩ පදක්කම - ශ්‍රී ලංකා සංඥා බලකායේ සංඥා සෙබල ආර්.ඩී.එස්.කේ. සම්පත්
කාන්තා කාණ්ඩය
රන් පදක්කම - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ලාන්ස් කෝප්‍රල් යූ.වී.කේ. මදිරිකා
රිදී පදක්කම - ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ ආධුනික සෙබල පී.බී. ගයානි