Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd June 2023 21:40:41 Hours

11 ගැමුණු හේවා බලකායේ බළඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන්

කල්‍යාණිපුර ප්‍රදේශයේ ස්ථාපිත බලඇණි පුහුණු පාසලෙහි 11 ගැමුණු හේවා බලකායේ භටපිරිස්හි සහභාගීත්වයෙන් පැවති බලඇණි පුහුණු පාඨමාලාවේ සමාප්ති උත්සවය පසුගිය අඟහරුවාදා (20) දින පැවැත්විණී. පාඨමාලාව මැයි මස 02 දින සිට ජුනි මස 20 දින දක්වා පැවැත්වූ අතර, ඒ සඳහා නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයන් 301 දෙනෙකු සහභාගී වූහ. පාඨමාලාවේ සමාප්ති උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් පාඨමාලාවේ සමාප්ති දේශනය පැවැත්වීය.

දුෂකරතා රැසක් මධ්‍යයේ පැවති මෙම බලඇණි පුහුණු පාඨමාලාවේ වැදගත්කම පිළිබඳ අවධාරණය කල එතුමන් විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූවන් සඳහා සහතිකපත් සහ කුසලාන ප්‍රදානය කරනු ලැබීය. සමාප්ති උත්සව අවස්ථාව සඳහා 62 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, 621 සහ 623 පාබල බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, පාඨමාලාවේ ප්‍රධාන උපදේශක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.