Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th June 2023 20:20:46 Hours

ගොඩකුඹුර ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්නක් 8 ගැමුණු හේවා බලකායේ සාමාජිකයන් මැඩපවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයට අයත් 611 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 ගැමුණු හේවා බලකායේ නිලධාරියෙක් සහ සෙසුනිලයන් දසදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පසුගිය සෙනසුරාදා (17) දින පැවති තද සුළං තත්ත්වය හේතුවෙන් බලංගොඩ, ගොඩකුඹුර ප්‍රදේශයේ කැලෑබදව ඇති වූ ලැව් ගින්නක් මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙනු ලැබීය.

කඩිනමින් ක්‍රියාත්මක වූ භටපිරිස් එම ගින්න තවදුරටත් පැතිර යාම වළක්වමින් ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට කටයුතු කළ අතර ඒ වෙනුවෙන් ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුගේ සහයෝගය ද හිමිවූහ. 611 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 8 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීතුමන්ගේ උපදෙස් මත මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබීය.