Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th June 2023 15:46:55 Hours

9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් මුලතිව් සිවිල් වැසියන්ට වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාගයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකයේ 681 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි සම්බන්ධීකරණයෙන් දානපතියන් පිරිසක් විසින් ලබාදුන් මූල්‍යමය අනුග්‍රාහකත්වය මත උදයාර්කට්ටු සහ සුගන්දිපුරම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 20 ක් වෙනුවෙන් රුපියල් 3500.00 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සළාක පාර්සල් පසුගිය බ්‍රහස්පතින්දා (15) දින ප්‍රතිලාභින්ගේ නිවෙස් වෙත ගොස් බෙදාදෙන ලදී. එම පවුල්වල පැවති ආර්ථික අපහසුතා පිළිබඳ යුද්ධ හමුදා භටපිරිස් සොයාබැලීමෙන් අනතුරුව මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

681 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.ඩී.පී. ගුණතුංග ගේ මඟපෙන්වීම සහ 9 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් එච්.පී.අයි කුමාර ගේ අධික්‍ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් වියළි ආහාර සළාක පාර්සල් ප්‍රතිලාභීන් වෙත බෙදාදෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත මෙම වැඩසටහන සඳහා නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.