Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th June 2023 20:49:56 Hours

14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් ලබා දුන් උපදෙස් මත 641 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව්. එල්. කොළොන්න යූඑස්පී විසින් ලබා දුන් මාර්ගෝපදේශ මත 64 පාබල සේනාංක භටපිරිස් පසුගිය සඳුදා (12) දින මුලතිව්, පණ්ඩරවානි පෙරපාසල් පරිශ්‍රයෙහි පැවති ඩෙංගු මර්දන වැඩසටහනක් සඳහා සහභාගී වූහ.

14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් පී.එච්.ජී.පී ගුණවර්ධන ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් රාජකාරියෙහි නියුතු එම ඒකකයේ භටපිරිස් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා සහභාගී වූහ.