16th June 2023 20:44:50 Hours
වාරියපොල වයඹ පුහුණු ආයතනයේ මුලපිරීමකට අනුව ‘හරිත නියමු’ තේමාව ඔස්සේ පැවති 09 වන කෘෂිකාර්මික දැනුම වැඩිදියුණු කිරීමේ සහ නායකත්ව සංවර්ධන වැඩමුළුව 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ සහ 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සාමාජික සාමාජිකාවන්ගේ සහයෝගීතාවයෙන් වාරියපොල වයඹ පුහුණු ආයතන පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (ජුනි මස 10) දින පැවැත්විණි.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ මීගහකොටුව රැදවුම් බාළිකා ළමා නිවාසයෙහි නේවාසික ළමුන් 70 දෙනෙකු වෙනුවෙන් කෘෂිකාර්මික දැනුම ලබාදීමේ අරමුණින් මෙම වැඩමුළුව පැවැත්විණි.
යුද්ධ හමුදා ශාරීරික පුහුණු උපදේශකයන් මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබූ අතර එහිදී එම ළමා නිවාසයෙහි නේවාසික ළමුන් සඳහා න්‍යායාත්මක සහ ප්‍රායෝගික කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇතුළත් නායකත්ව සැසි පවත්වන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස නායකත්ව ගුණාංග, ලෝක ආහාර සුරක්ෂිතතා වැඩසටහන් සහ හරිත කෘෂිකර්මාන්තය ආදී කරුණු පිළිබඳ සිසු සිසුවියන් දැනුවත් කෙරිණි.
ආරක්ෂක සේනා ආඥාපතිතුමාගේ - බටහිර ගේ උපදෙස් සහ 14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත මෙම වැඩමුළුවේ අධීක්ෂණ කටයුතු 143 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරිතුමන් විසින් සිදුකරනු ලැබූහ.
මෙම වැඩසටහනට සමගාමීව කෝන්වැව මහා විද්‍යාලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ආර්.ජී. සේනානායක මහා විද්‍යාලයේ (ජාතික පාසල) සිසුන් 70 කගේ සහභාගීත්වයෙන් පසුගිය සෙනසුරාදා (මැයි මස 27) දින එවැනිම වැඩමුළුවක් පැවැත්විණි.