16th June 2023 21:08:16 Hours
උතුර සහ නැගෙනහිර පළාත්වල බැතිමතුන් ආගමික චාරිත්‍රයක් ලෙස වාර්ෂිකව කතරගම පාද යාත්‍රාවේ නිරත වන අතර, මෙවර පාද යාත්‍රාවේ නිරත බැතිමතුන් කුමන ජාතික වනෝද්‍යානයේ ඇතුළුවීමේ නැගෙනහිර දොරටුව පසුකරමින් පසුගිය සඳුදා (ජුනි මස 02) දින අම්පාර ඔකඳ ප්‍රදේශයේ පිහිටි ඔකඳ වුකන්තමලේ මුරුගන් කෝවිල් පරිශ්‍රය වෙත පැමිණියහ.
පානම සහ කුමන ප්‍රදේශ ඔස්සේ වනාන්තර පසුකරමින් කතරගම වන්දනාවේ නිරත බැතිමතුන් පිරිස නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමන්, අම්පාර දිස්ත්‍රික් ලේකම්, ලාහුගල ප්‍රාදේශීය ලේකම්, 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 242 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ඒ.යූ.ඒ. සෝලංගආරච්චි ආර්එස්පී පීඑස්සී සහ 23 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඔවුන් වෙත ආහාර පාන පිළිගැන්වීය.
කතරගම වාර්ෂික ඇසළ මංගල්‍යයට සහභාගිවීම සඳහා පැමිණෙන බැතිමතුන් හට කුමන සහ යාල අභයභූමිය වෙත ඇතුළුවීමේ ප්‍රධාන දොරටු විවෘත කිරීම ද මෙම අවස්ථාවේදී සිදුකෙරිණි.